SRILANKAN NEWS

නව ග්රැනයිට්, ප්‍රසීලයේ කඩු, හමුදා නිල ඇඳුම් ලැබුණේ කොහෙන්ද ?

ආවා කල්ලිය

කොටින්ව මර්ධනය කළ අයට, ආවා සහ තාරාව මර්ධනය කිරීමට නොහැකිවුනාද?

ආවා කල්ලියට මුදල් ආධාර සහ උපදෙස් ලැබෙන්නේ ස්විසර්ලන්තයේ ක්‍රියාත්මක වන දෙමළ සංවිධානයක් විසින් බව පොලිසියට තොරතුරු ලැබී ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ නායකයාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් මෙම තොරතුරු හෙළිවූ බව පොලිසිය සඳහන් කරයි.්

ස්විසර්ලන්තයේදී අදාළ සංවිධානය දැනටම් කොටි සංවිධානය නමින් මුදල් එක්රැස් කරන බවත්, එම කණ්ඩායමට අයත් දෙදෙනෙකු දැනට මහවිරු දින සැමරීමේ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින බවද පැවැසේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සිටින ප්‍රන්දන් නැමැති පුද්ගලයෙකු සමග ඉකුත් ස්විසර්ලන්තයේ දෙමළ සංවිධානය සම්බන්‍ධකම් පවත්වාගෙන යන බවත්, ඔහු ලබා දෙන උපදෙස් අනුව ආවා කල්ලිය ක්‍රියාත්මක වන බවට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු පවසා තිබේ. මේ අතර, ආවා කල්ලිය බිහිවීම ගැන යාපනයේ ස්ථාන ගතව සිටින හමුදාව යැයි බුද්ධි අංශය ඇතුළු යාපනයේ ප්‍රධාන පාර්ශවයන් විසින් චෝදනා එල්ලවූ අතරතුර මෙම තොරතුරු හෙළිවී තිබේ.

උතුරේ ජනතා සංඛ්‍යාවට සමානව හමුදාව ද ස්ථාන ගත කර තිබෙන අවස්ථාවක කඩු ඇතුළු තියුණු ආයුධ සහිත සියළු දෙනාටම අභියෝගයක් ලෙස මෙවැනි කල්ලියක් ක්‍රියාත්මක වන්නේ කෙසේද ? යන ප්‍රශ්ණයක් පැන නගින අතර, ආවා කල්ලිය ඩයස්පෝරා සංවිධාන, කොටි සංවිධානය සහ මහවිරු උත්සවය සමග සම්බන්‍ධ කිරිම දේශපාලන අරමුණු සහිත කටයුත්තක් බව උතුරේ සමාජ ක්‍රියාකරුවන් පවසති.

මේ අතර, ආවා කල්ලිය ලෙස යාපනයේදී ප්‍රථම වරට අත්අඩංගුවට පත්වූවන් සතුව තිබී නව ග්රැනයිට් දෙකක්, බ්‍රසීලයේ නිෂ්පාදනය කළ කඩුවක්ද සොයාගෙන තිබේ. ඉන් අනතුරුව දින කිහිපයකට පසු කොක්කුවිල් ප්‍රම්බඩි ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ඩිල්ලු නැමැති කල්ලියේ හය දෙනෙකුව අත්අඩංගුවට ගත් අතර එහිදී හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම්, ග්රැනයිට්, කඩුද සොයාගත් බව පොලිසිය සඳහන් කර තිබුණි. ඉන් පසු යාපනයේ ආවා කල්ලිය යැයි තරුණයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී කඩු සමග ග්රැනයිට් ද සොයා ගැනුණි. මෙම ග්රැනයිට් ලැබෙන්නේ කොහෙන්ද යැයි මෙතෙක් සොයාගෙන නැහැ. මෙවැනි තත්වයකදි ආවා කල්ලිය ඩයස්පොර් සංවිධාන, මහවිරු සැමරුමට සම්බන්‍ධ කිරීමේ අරමුණ කුමක් දැයි සැකයක් මතුව තිබේ. තවද ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ ලොව ප්‍රමුඛතම හමුදාව, බුද්ධි අංශය යැයි පවසන ශ්‍රී ලංකා ආරක්‍ෂ අංශයට ආවා සහ තාරා කල්ලිය අල්ලා ගැනීමට නොහැකිවුනා ද? යැයි ප්‍රශ්ණ කර සිටිති.