SRILANKAN NEWS

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 හෝ ඊට පෙර දිනය පවත්වනවා – මහින්ද දේශප්‍රිය

පෙබරවාරි මස 17 වැනිදා හෝ ඊට පෙර දිනයක පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව අද(04) පැවති මාධ්‍ය හමුවකදී ය.

පළාත් පාලන ආයතන 93ක නාම යෝජනා ලබන 11 වනදා සිට 14 වනදා මධ්‍යහන 12.00 දක්වා භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

අනෙක් සභා 248 සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන 18 වැනිදා සිට 21 මධ්‍යහන 12.00 දක්වා ආරම්භ කෙරුණු අතර එය ලබන 13 වැනි දා මධ්‍යහන 12.00ට අවසන් වීමට නියමිතය. සභා 248 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ මස 20 වැනි දා මධ්‍යහන 12.00 දක්වා සිදුකළ හැකිය.