ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 06ක් ඉලක්ක කර පැනවූ සංක්‍රමණික තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර අමෙරිකා ප්‍රාන්ත අධිකරණයක් මගින් තහනම ක්‍රියාත්මක කිරීමට පනවා තිබූ නියෝග අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අනුමැතිය ලබා දී ඇත.

විනිසුරුවරුන් නවදෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ හත් දෙනෙකු ප්‍රකාශ කළේ ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම බලාත්මක කළ යුතු බවය. විනිසුරුවරුන් දෙදෙනෙකු ඊට එරෙහි වී ඇත.

මේ අනුව චෑඩ් රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනය යන රටවලින් එන සංක්‍රමණිකයින්ට මෙම තහනම ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top