කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන් භූමියේදී කරයිච්චි ප්‍රාදේශිය සභාව විසින් පසුගිය දින ඉදිකළ උද්භිද උද්‍යානය යන නාම පුවරුව ඊයේ දින රාත්‍රීයේ යම්කිසි පිරිසක් විසින් ගලවා දමා තිබේ.
අවසන් වරට පැවැති කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේ දී පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා, මහවිරු සොහොන් කොත් සියල්ල උද්භිද උද්‍යාන බවට පත්කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කර තිබුණි.
එයට සමාජය තුළින් විවේවචන රැසක් එල්ලවුණි. සොහොන් කොත් එලෙසම තිබිය යුතු යැයි ජනතාව හා මහවිරුවන්ගේ ඥාතින් ද පවසා තිබූ අතර, පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ රුපියල් ලක්ෂ 40ක් වියදමින් මහවිරු සොහොන් බිම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිඳු කෙරුණි.
එයට දකුණේ දේශපාලනයෙන් ද දැඩි විරෝධය එල්ලවීමත් සමග අගමැතිවරයා වහාම එම වැඩකටයුතු නවතා දමන ලෙසත්, එය ගැන පරීක්ෂණයක් සිඳු කරන ලෙස ද නියෝග කර තිබුණි. ඉන් අනතුරුව කරයිච්චිය ප්‍රාදේශිය සභාව කනකපුරම් මහවිරු සොහොන් බිම ඇතුළු ප්‍රදේශය උද්භිද උද්‍යානයක් යැයි නාම පුවරුවක් ඉදිකර තිබුණි. ඉකුත් නාම පුවරුව ඊයේ (4) දින මෙලෙස නාඳුනන පිරිසක් විසින් ගලවා ඉවත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරයිච්චිය ප්‍රාදේශිය සභා ලේකම්වරයාගෙන් විමසූ විට..
‘මෙම නාම පුවරුව කරයිච්චිය ප්‍රදේශිය සභාව විසින් ඉදිකළ බවත්, කරයිච්චිය ප්‍රාදේශිය සභාවට යටතේ එය උද්භිද උද්‍යානයක් ලෙස පවතින බවත්, තවද මෑතකදී පැවැති කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේ දී එය උද්භිද උද්‍යානයක් ලෙස යෝජනා කර සම්ම කළ අතර, උද්භිද උද්‍යානය නමින් එය දැනට ප්‍රතිසංස්කරණය කරන හෙයින් දැනුවත් කිරීමේ අයුරින් මෙලෙස නාම පුවරුවක් ඉදිකළ බව පවසා සිටියේය.
Add Comment