යාපනය, සාවකච්චේරිය මීසාලයි ප්රදේශයේදී නාඳුනන පිරිසක් විසින් තරුණයෙකුට කඩුවලින් පහරදී තුවාල සිඳුකර ඇති බව වාර්තාවේ. ඊයේ (4) දින රාත්රී 7.30ට පමණ මීසාලයි ප්රදේශයේ සිඳුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා සාවකච්චේරිය රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සාවකච්චේරිය පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු ක්රියාත්මක කර ඇත.