ගෝඨාභයට එරෙහිව ගොනු කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

රජයේ මුදල් රුපියල් මිලියන 90ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීම වළකාලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කළ අතුරු තහනම් නියෝගය ලබන 15 වනදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top