INDIAN NEWS

නවදිල්ලියේ වායු දූෂණය තවඳුරටත් ඉහළට

ඉන්දියාවේ නවදිල්ලි අගනගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

උෂ්ණත්වය පහළ යාම සහ සුළගේ වේගය අඩු වීම මීට හේතු වී ඇති බව එරට වායු තත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කර ඇත.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද මුහුණු ආවරණ සහිතව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.

අද(06) උදෑසන සිටම වායු දූෂන අංශු මට්ටම්වල තියුණු ඉහළ යාමක් පවතින බව වාර්තා කර ඇති ඉන්දීය මාධ්‍ය එරට මධ්‍යම පරිසර දූෂණය පාලනය කිරීමේ මණ්ඩලය (CPCB) විසින් ඉදිරිපත් කර ඇති වායු ගුණාත්මක දර්ශකයේ ද (AQI), මෙම අතිධ්වනීය වායු පෝෂිත අංශුවල මට්ටම් ඉහළ යාම පිළිබිඹු කර ඇතැයි සදහන් වේ.