SRILANKAN NEWS

හම්බන්තොට වාරායේ මෙහෙයුම් කටයුතු අද සිට ක්‍රියාත්මක වේ,

ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් සමාගම සමඟ අත්සන් කෙරුණු හම්බන්තොට වරාය ගිවිසුම අද (9) සිට නිලවශයෙන් ක්‍රියාත්මක වන අතර වරය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.

ඒ අනුව “හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් ගෲප්” පුද්ගලික සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 85ක් චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමගාමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර, ඉන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බව වාර්තා වේ.

“හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් සර්විසස්” පුද්ගලික සමාගමෙන් සියයට 58ක් “හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප්” පුද්ගලික සමාගමට හිමි වන අතර ඉතිරි සියයට 42 ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ.

හම්බන්තොට වරාය සංවර්ධනය සදහා ඉහත සමාගම් අතර හවුල්කාරීත්ත්ව ගිවිසුම පසුගිය ජුලි මස 29 වැනිදා අත්සන් තැබිණි.

හම්බන්තොට වරාය වසර 99ක බදු ගිවිසුමක් යටතේ සංවර්ධනය සදහා අදාළ සමාගම් වෙත පැවරෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකක මුදලක් හිමි වේ. එහි මූලික ගෙවීම් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන තුන්සීයක මුදලක් අද ශ්‍රි ලංකාවට හිමිවිමට නියමිතය.

මේ සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ,
‘හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් ලෙස ක්‍රියාත්මක කෙරෙනවා.ජාතික ආණ්ඩුවක් ලෙස හම්බන්තොට වරාය දියුණු කර ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ. වරායෙන් පිට ආර්ථික කලාපයක් ස්ථාපිත වෙනවා.හම්බන්තොට වරාය සංවර්ධනය තුළින් රුහුණු ආර්ථික කර්මාන්ත් ආඅර්ථික පදනමක් ඇති වෙනවා.

ඊයේ දිනයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්තා.මේ ණය ගෙවීමට රජය පොරොන්දු වුණා. ජනතාවට බරක් නැතිව හම්බන්තොට වරාය දියුණු කරන්න කටයුතු කරනව. අද ඩොලර් මිලියන 300ක් අපට ලබෙනවා. මෙම මුදල විදෙස් සම්පත් සංචිතයේ තැම්පත් කරනවා.අනාගත පරපුරට බරක් නැතිව ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ දී අප චීන රජයට නියෝජිතයන් සැමට ස්තූතිය පළ කරනවා.‘