ජයලලිතා අත්සන් තැබීමට නොහැකි අසාද්‍ය තත්වයක – මැතිවරණ කාර්‍යාලය සාක්‍ෂි ඉදිරිපත් කරය..

jayablacksign-1-300x252තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා මෙනවිය අත්සන් තැබීමට පවා නොහැකි අසාද්‍ය තත්වයක පසුවන බවට තමිල්නාඩු මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය විසින් නිකුත් කළ ලිපියක් උපුටා පෙන්වමින් තමිල්නාඩු මාධ්‍යක් විසින් තොරතුරු පළ කර තිබේ.

තමිල්නාඩුවේ තන්චාවූර්, අරවක්කුරිච්චි, සහ තිරුවප්පරන්කුන්රම් යන මැතිවරණ කොඨාශවල අතුරු මැතිවරණය නොවැම්බර් මස19 වනදා පවත්වන බවට තමිල්නාඩු මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශ කර තිබේ.

එම මැතිවරණය සඳහා තමිල්නාඩු ති.මු.ක. පක්‍ෂය සහ අ.ති.මු.ක. පක්‍ෂය විසින් ඊයේ දින නාම යෝජනා භාරදී තිබේ. අ.ති.මු.ක පක්‍ෂයේ නාම යෝජනා පත්‍රයෙහි එම පක්‍ෂයේ මහ ලේකම් ජයලලිතාගේ අත්සන වෙනුවෙන් ඇයගේ ඇඟිලි සලකුණ තබා තිබේ. දකුණු අතින් අත්සන් තැබීමට නොහැකි තත්වයක ඇය සිටින හෙයින් වම් අතේ ඇඟිලි සලකුණ තැබූ බවට ඇපලෝ රෝහල් ආරංචිමාර්ග සඳහන් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top