පළාත් පාලන ඡන්දයට නාමයෝජනා බාරගැනීම අද සිට

මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ සඳහා දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා බාරගැනීම අද (11) ආරම්භ කෙරේ.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මහ නගර සභා 7ක්, නගර සභා 18ක් හා ප්‍රාදේශීය සභා 68ක් සඳහා මෙම නාමයෝජනා බාරගනු ලබන අතර නාමයෝජනා බාරගැනීම අවසන් වන්නේ දෙසැම්බර් 14 දා දහවල් 12ටය.

අනිකුත් පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 දා දහවල් 12 දක්වා සිදු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top