පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතාවට පත් නොකරන්න – ජනපති

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.

උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබදව වඩා සැලකිලිමත් වියයුතු බැවින් සිය මානුෂිය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලූදෙනාගෙන් ඉල්ලයි.

වර්ජනයට එක්වූවන්ගේ විසදී නැති ගැටලූ ඇත්නම් ඒවා විසදා ගැනීමට ඉදිරියේදී සාකච්ජා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top