බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකත්වය ශකිබ් අල් හසන්ට

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස ශකිබ් අල් හසන් පත්කර ඇත. බංග්ලාදේශ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළේ මුෂ්ෆිකර් රහීම් ය.

පිතිකරණ අංශයට වැඩි අවධානයක් යොමු කිරීම සඳහා මෙම වෙනස්කම සිදුකර ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව සමග ලබන මාසයේ පැවැත්වීමට ටෙස්ට් තරගාවලියේ සිට ශකීබ් නායකයා ලෙස කටයුතු කරනු ඇති බවය. ඔහුගේ උප නායකයා ලෙස නම්කර ඇත්තේ මහමුදුල්ලා ය.

ඉදිරියේදී එරට ක්‍රිකට් පුහුණුකරු කවුරුන් දැයි ප්‍රකාශ කරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ලබන 20 වනදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top