SRILANKAN NEWS

විමල් වීරවංශගේ අල්ලස් නඩුවේ මුල් වාර්තාව මහාධිකරණය ඉල්ලයි..

මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැතිව සිටි විමල් වීරවංස මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට ඊයේ (11) නියෝග කර ඇත.

වසර 06 කාලයක් තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 7.5කට ආසන්න මුදලක් අල්ලස් මඟින් උපයාගත් මුදල් හා දේපළවල හිමිකරුවක සිටින ලදැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ලබන ජනවාරි 11 වැනිදාට ප‍්‍රථම අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස ලේඛාධිකාරීවරයාට නියෝග කර තිබේ.