දෙමළ වෙබ් අඩවියක් අත්හිටුවයි..

web වෙබ්දෙමළ වෙබි අඩවියක් අත්හිටුවා ඇති බව වාර්තාවේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙලෙස ඉකුත් වෙබ් අඩවිය තවකාලිකව අත්හිටුවා තිබේ.

අදාළ වෙබ් අඩවිය සම්බන්‍ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන තිබේ.

උතුරේ අධිකරණ කටයුතු සම්බන්‍ධයෙන් එම වෙබ් අඩවිය මතභේදාත්මක තොරතුරු පළ කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ. ඉකුත් වෙබි අඩවියේ පළ කළ පුවතකට විරෝධය පළ කරමින් පසුගිය 20 වනදා උතුරු පළාතේ ප්‍රදේශ රැසක නීතීඥවරුන් විරෝධතාවක ද නිරතවූහ.

මෙම වෙබ් අඩවිය සම්බන්‍ධයෙන් අධිකරණ අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව විමර්ශණ කටයුතු සිදුකරන බවත්, එතෙක් එම වෙබ් අඩවිය අත්හිටුවා ඇති බව පැවැසේ.

යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ප්‍රථම වරට වෙබ් අඩවියක් අත්හිටුවා තිබීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top