ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් වරම් ලබාදීමට අයි.සී.සී. තීරණය කරයි..

ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් වරම් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව ඔවුන් ලබන වසරේදි සිය පළමු ටෙස්ට් තරගයට සහභාගිවීමට නියමිතය. ඇෆ්ගනිස්ථානයේ මංගල ටෙස්ට් තරගය ඉන්දියාවේදි ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතය.

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට පසුගිය ජුනි මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිවිය. අයර්ලන්තය ලබන වසරේ මැයි මාසයේදි පාකිස්තානය සමග පළමු තරගයට ක්‍රිඩා කිරීමට සූදානමින් සිටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top