SRILANKAN NEWS

මුහමාලයි ප්‍රදේශයේ තෙවන අදියරයේ නැවත පදිංචිය..

කිලිනොච්චිය, මුහමාලයි ප්‍රදේශයෙහි නැවත පදිංචි කිරීමේ තෙවන අදියරය ඊයේ (12) දින සිඳු කෙරුණි. ඊයේ දින සවස පච්චිලයිප්පල්ලි ප්‍රාදේශිය ලේකම් පී. ජෙයරානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණි.

අක්කර 63ක ප්‍රදේශයක බිම් බෝම්බ 5336ක් ඉවත් කර එය සඳහා වූ සහතිකය දිස්ත්‍රික්ක දිසාපතිවරයා වෙත බිම්බෝම්බ ඉවත් කිරීමේ හලෝ ට්‍රස්ට් ආයතන නිලධාරින් විසින් භාර දෙන ලදි.

2009 වසරට පෙර හමුදාව හා කොටි සංවිධානයේ ඉදිරි යුද ප්‍රදේශයක් ලෙස තිබූ මුහමාලයි ප්‍රදේශයේ බිම් බෝම්බ හා අනතුරුදායක පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් බවට තිබීම විශේෂත්වයකි.

මෙවැනි තත්වයකදී ඊයේ දින එහිදී පවුල් 25ක් නැවැත පදිංචිය සඳහා අයඳුම් කර තිබේ. එම අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික්ක දිසාපති සුන්දරම් අරුමයිනායකම්, හලෝ ට්‍රස්ට් ආයතනයේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂක ඇඩම්, වැඩසටහන් සහකාර කෙලන් පෙඩි, ඇතුළු බොහෝ දෙනෙකු සහභාගිවූහ.