දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්

දින කීපයක් පුරා පැවැති දුම්රිය සේවක වැඩ වර්ජනය අද (13) දින අවසන් කර තිබේ.

ගැටලුව විසඳීමට පත් කළ කැබිනට් අනුකමිටු සාමජිකයින් අතර පැවැත් වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස සිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය සේවකයන් තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් ) විජය සමරසිංහ මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ අතර සේවකයන් අද දින සේවයට වාර්තා කළ යුතු බවද පැවසීය.

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පසුගිය 6 දින සිට දුම්රිය වැඩ වර්ජනය ආරම්භ කර තිබුණි. මේ හේතුව නිසා මඟී ජනතවට සිදු වූ අපහසුතාවය වැළැක්වීම සඳහා කඩිනමින් අමතර ප්‍රවාහන සේවා සැලසීමට රජය කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top