SRILANKAN NEWS VIDEO

යාපනය – කොළඹ ධාවනය වන හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරමක් (වීඩියෝ)

යාපනය – කොළඹ අතර සේවයේ පවතින හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික්ක සංවිධායක හා ව්‍යාපාරික ටී. තුවාරකේස්වරන් චෝදනා කර තිබේ. යාපනයේ ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

යාපනය – කොළඹ ධාවනය වන බස් රථවල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ සිඳුකරන සෝදිසි කටයුතු හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම හේතු කර මෙලෙස බොහෝ ස්ථානවල සෝදි කරනවා. ගමන් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙන යන බස් රථ සම්බන්‍ධයෙන් නීතිය හා සාමාය අමාත්‍යවරයා, පොලිස්පතිවරයා වෙත සෘජුව සහ ලිඛිතව පැමිණිළි කර ඇති නමුත්, එය ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රතික්‍ෂේප කරන පොලිසිය අත්තනෝමතිකව ජනතාවට හිරිහැරයක් වන අයුරින් සෝදිසි කටයුතු සිඳු කරමින් සිටියි.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ප්‍රශ්ණයක් ඇති වූ විට මගීන් ප්‍රවාහන බලපත්‍ර නොමැතිව, නීති විරෝධී ලෙස මගී සේවයේ නිරතවන බස් රථවලින් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිඳු කරන අතර, එම බස් රථ පිළිබඳ තොරතුරු අප විසින් පොලිසියට ලබාදුන්නා. එපමණක් නොව නීතිය හා සාමාය අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පතිතුමා ඇතුළු බලධාරින්ට ද මේ සම්බන්‍ධයෙන් සෘජුව හා ලිඛිතව පැමිණිළි කර තිබෙනවා.

එම පැමිණිළි සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, මගී ප්‍රවාහන අනුමැතිය ගෙන නීතියට අනුව මගී ප්‍රවාහන සේවයේ නිරත බස් රථ පමණක් ඉලක්ක කර පොලිසිය අත්තනෝමතිකව සෝදිසි කටයුතු සිදු කරමින් සිටිනවා.

තවද හමුදාව ද බස් සේවයේ නිරතවෙනවා. හමුදා බස් රථවල වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. පොලිසිය ද එය දැන සිටින නමුත් හමුදාවට අයත් බස් රථවල පොලිසිය සෝදිසි කරන්නේ නැහැ. අපරාධ කටයුතුවල නිරතවන පුද්ගලයන්ව හඳුනාගත් පසුද ඔවුන්ව අත්අඩංගුවට නොගෙන අහිංසක මගීන්ව අපහසුතාවයට පත්කිරීමේ කටයුත්ත පොලිසිය නැවත්විය යුතු යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.්