SRILANKAN NEWS

යාපනය විශ්ව විද්‍යාලය අසල විරෝධතාවක්

img_2309යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්නැයි යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ඉල්ලා සිටිමෙන් අනතුරුව සරසවි සිසුන් හා උප කුලපතිවරයා අතර එහි කලබලකාරි තත්වයක් ඇතිවුණි.

යාපන සරසවියේ සිසු මරණය ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු එහි ප්‍රධාන ගේට්ටුව වසාගෙන පරිපාලන කටයුතු අඩාල කරමින් විරෝධතාවක් අරැඹූහ.

මේ හේතුවෙන් විශ්ව විද්‍යාලයේ රාජකාරියට ආ අනධ්‍යයන සේවකයෝ සහ ඇතැම් කථිකාචාර්යවරු ගේට්ටුවෙන් පිටත පාර අයිනට වී සිටියහ, පෙරවරු 9.30ට පමණ එම ස්ථානයට පැමිණි උප කුලපතිවරයා, සියළු දෙනාට ඇතුල්වීම සඳහා ගේට්ටුව අරින්නැයි ඉල්ලා සිටියේය. එහිදී සිසුන් හා උප කුලපතිවරයා අතර නොසන්සුන් තත්වයක් ඇතිවුණි. කෙසේ නමුත් ඉන් අනතුරුව උප කුලපතිවරිය ඇතුළු පීඨාපතිවරුන්ට පමණක් ඇතුල්වීමට සිසුහු අවසර ලබාදුන්හ.

img_2307මේ අතර, අද දින අමාත්‍ය ස්වාමිනාදන් මහතා යාපනය සරසවියට ගොස් එහි පරිපාලකයන් සහ සිසුන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

– Global Tamil News : Sinhala

img_2308