‘ආවා’ කල්ලියේ දෙදෙනෙක් අත්අඩංගුවට

question-ප්‍රශ්ණයාපනයේ සැරිසරණ ‘ආවා ගෲප්’ සාමාජිකයන් ලෙස සැකකෙරෙණ පුද්ගලයන් දෙදෙනකු ඊයේ(30) දින අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ. යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් සතුව තිබී කඩු දෙකක් හමුවී ඇතැයිද වාර්තාවේ.

සැකකටයුතු පුද්ගලයන් දෙදෙනා පොලීසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ නාට්‍යක් පුහුණුවීම පිණිස මෙම කඩු දෙක රැගෙන යන බවය නමුත් යාපනය පොලීසිය කියා සිටින්නේ එම කඩු දෙක නාට්‍ය සඳහා භාවිත කරන සෙල්ලම් කඩු නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ විශාල ප්‍රමාණයේ කඩු බවය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top