තැපැල් වෘත්තිය සමිතියෙන් අද විරෝධතාවක්..

අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින් බඳවා ගැනීම් පටිපාටයේ පවතින ගැටළු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව එහි සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ ද ඒ සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව ඔහු සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top