ජනතාවගේ ප්‍රහාරයට මුහුණදීමට නොහැකිව පලාගිය ආයුධ කල්ලිය පොලිසියට කොටුවෙයි..

File Image

යාපනය කෝන්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක මංකොල්ල කෑමට තැත් කළ කඩු කල්ලියේ පුද්ගලයන්ව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 18 සහ 22 හැවිරිදි කොක්කුවිල් සහ කෝන්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ. පොලිසිය විසින් ඔවුන්ගේ වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

පසුගිය සතියේ යාපනයේ ප්‍රදේශ රැසකදී තියුණු ආයුධ කල්ලිය මැර ක්‍රියාවල නිරතවූ අතර, මුදල් හා ආභරණ ද කොල්ලකා තිබුණි. එම සිද්ධියට මෙම දෙදෙනාද සම්බන්‍ධවිය හැකි බවට සැක පළකරන පොලිසිය එය ගැන ද විමර්ශන අරඹා තිබේ.

මේ අතර, අත්අඩංගුවට පත්වූ දෙදෙනා කෝන්ඩාවිල් ප්‍රදේශයේ වෙළඳසැලක් කොල්ල කෑමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් ලුහුබැඳ ගොස් පහරදී තිබේ. මෙවැනි තත්වයකදී තියුණු ආයුධද රැගෙන පැමිණි ඔවුන් තම ආයුධ සහ යතුරු පැදි ද දමා පලා ගොස් තිබේ. ඔවුන් දමා ගිය ආයුධ සහ යතුරු පැදි කෝප්පායි පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top