යාපනයේ ප්‍රදේශ රැසක කේබල් සම්බන්‍ධතා විනාශ කරලා..

යාපනයේ ප්‍රදේශ රැසකදී ඊයේ දින නාඳුනන පිරිසක් විසින් පුද්ගලික ආයතනයකට අයත් රූපවාහින් විකාශන කේබල් සම්බන්‍ධතාවන් කපා විනාශ කර තිබේ. මේ හේතුවෙන් යාපනයේ කේබල් සේවය බිඳවැටී තිබේ.

මේ සම්බන්‍ධයෙන් යාපනය හා කොඩිකාමම් පොලිස් ස්ථානවල පැමිණිළි කර තිබේ. CAX 9991 යන අංකය සහිත කළු පැහැති මෝටාර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙය සිඳුකර ඇති බවට පැමිණිල්ලදී සඳහන් කර තිබේ.

රට පුරා නීති විරෝධී ලෙස කේබල් සම්බන්‍ධතා ලබාදී ඇති පුද්ගලයන් ලබන 31 වනදාට පෙර තම සේවය අත්හිටුවිය යුතු බවත් නැතිනම් නීතිමය පියවර ගන්නා බවට රජය ප්‍රකාශ කර ඇති අවස්ථාවක නීතිමය වශයෙන් පවත්වාගෙන යන තම ආයතනයෙහි කේබල් විනාශ කර ඇති බව ඉකුත් ආයතනය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top