පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පෙබරවාරි 10 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය.

අද දින කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, මීට අදාළ ගැසට් නිවේදනය ලබන 26වනදා නිකුත් කරන බවද පවසා සිටියේය.

මේ අතර තැපැල් ඡන්ද සදහා අයදුම්පත් භාර ගැනීම ලබන 22 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top