රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී බස් රථයක් දොඩම්ගහ ඇලට පෙරලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඌරුබොක්ක සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අද අළුයම දෙකට පමණ අනතුරට පත්වී තිබේ. අනතුර සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.