කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුතු ‘යාබා’ නැමැති නීති විරෝධී මත්පෙති 7,800ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) දින කිරිබත්ගොඩ නගර ශාලාව ආසන්නයේ දී බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

යාබා හෙවත් ඇමිපෙතඩින් නමින් හදුන්වන මෙම මත්ද්‍රව්‍ය අඩංගු පෙතිවල විද්‍යාත්මක නාමය වන්නේ METHAMPHETAMINE යන්නයි. මෙම එක් පෙත්තක වටිනාකම රුපියල් 3000ක් පමණ වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 25ක් වූ වේල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top