යාපනය ශික්‍ෂණ රෝහලේ දී විවෘත හෘද සැත්කමක් සාර්ථකව සිදුකර තිබේ. එය සෞඛ්‍ය සේවාවේ තවත් ජයග්‍රහණයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
වව්නියාවේ පදිංචි 27 හැවිරිදි එස් රාජසේකරන් නමැති තරුණයා මෙම හෘද සැත්කමට භාජනය වූ අතර යාපනය ශික්‍ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ එම් එස් මුගුන්දන්, කායික රෝග විශේෂඥ වෛද්‍ය එස් ප්‍රේම්ක්‍රිෂ්නා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම සැත්කම සිදුකර තිබේ.
සැත්කමෙන් පසු රෝගියා යාපනය ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් අධ්‍යක්‍ෂ තංගමුත්තු සත්‍යමූර්ති මහතා පවසයි.
Add Comment