කොටින් සතු ආභරණ සෙවීමේ උත්සහය ආසර්ථක වෙයි..

කොටි සංවිධානය විසින් සඟවා තබා ඇති බවට කියන ආභරණ සෙවීමේ උත්සහය අසාර්ථකවී තිබේ. විශ්වමඩු ප්‍රදේශයේ කොටි සංවිධානයට අයත්ව තිබූ කඳවුරක සඟවා තබා ඇති බවට පැවැසෙන ආභරණ තොගයක් සෙවීමේ කටයුතු මුල්ලතිව් අධිකරණ නියෝගයක් මත සිඳු කෙරුණි.

දින කිහිපයකට පෙර ඇතැම් පිරිසක් විසින් එම ස්ථානයේ ආභරණ ගොඩ දැමීමේ උත්සහයක නිරතවීමෙන් අනතුරුව, අධිකරණය මඟින් එම ස්ථානය පරීක්‍ෂ කරන ලෙස නියෝග කර තිබුණි. ඒ අනුව විනිසුරුවරයා ඉදිරියේ කැණීම් කටයුතු සිඳු කළ ද කිසිඳු සැක කටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකිවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top