මැතිවරණය ප්‍රකාශයට පත් වූ දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 186ක්

අපේක්ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම, ලිංගික හිංසා ක්‍රියා පිළිබඳව හා මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරිම පිළිබඳ පැමිණිලි 186ක් මේ වනවිට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

මැතිවරණය ප්‍රකාශයට පත් වූ දින සිට මේ දක්වා කාලය තුළදී අපේක්ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම හා ලිංගික හිංසා ක්‍රියා පිළිබඳ පැමිණිලි 39ක් ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අපේක්ෂිකාවකට බැණ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලකුත් මෙම පැමිණිලි අතර තිබෙන බවත්, ලැබෙන පැමිණිලිවල ස්වභාවය අනුව පොලිස් මූලස්ථානයට, පක්ෂ ලේකම්වරුන්ට හෝ නියෝජිතයන්ට, මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධානය සඳහන් කරයි.

අපේක්ෂිකාවන්ට සිදුකරන ලිංගික හිංසන ක්‍රියා පිළිබඳ පැමිණිලි ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් මෙතෙක් පැවැති මැතිවරණවලදී මෙවැනි තත්වයන් විශාල ලෙස වාර්තා වී නොමැති බවත් එම සංවිධාන වාර්තා කරයි.

නාමයෝජනා භාරගැනීම ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළදී ලැබී ඇති පැමිණිලි තුළ භාණ්ඩ බෙදාහැරීම, නීතිවිරෝධී පෙළපාලි, ප්‍රචාරක නීති උල්ලංඝනය කිරීම ඇතුළු සිදුවීම් වාර්තා වන බවද එම සංවිධානය අනාවරණය කරයි.

දෙසැම්බර් 09වන දින සිට ඊයේ දිනය දක්වා කාලය තුළ පැමිණිලි 23ක් ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම පැමිණිලිවලට අදාළව පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර ඇති බවද පොලිස් මූලස්ථානය අනාවරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top