ස්වභාවික ආපදා පිළිබඳ ජපානය සතු දියුණු තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟත්වය පළ කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
දිවයිනට පැමිණ සිටින ජපාන අමාත්‍ය කෙයිජි ඉෂි මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ ජපානයට බලපාන ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම සඳහා දෙරට අතර සහයෝගීතා වැඩපිළිවෙළක් මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර, ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ජපාන ඉඩම් යටිතල පහසුකම් ප්‍රවාහන හා සංචාරක අමාත්‍ය කෙයිජි ඉෂි මහතා පසුගියදා දිවයිනට පැමිණියේය.
Add Comment