SRILANKAN NEWS

සුළු ජාතීන් තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලනයෙත් ක්‍රියාත්මකයිද?

හෆීස් නසීර් සුළු ජාතීන්ව තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලන ආණ්ඩුව යටතෙත් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් මතුවී ඇති බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද් මහතා පවසයි.

ඉරක්කාමම්, මානික්කමඩු ප්‍රදේශයේ බුදු පිළිමයක් තැබීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් හෙතෙම මේ බව පවසා තිබේ.

මෙලෙස දෙමළ, මුස්ලිම් ජනතාව පාරම්පරිකව ජීවත්වන ප්‍රදේශවල බුදු පිළිම තබා ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් ඇති කිරීමේ කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හෙලාදැකිය යුතු සිද්ධියක් බව හෙතෙම පවසා තිබේ.

මේ සිද්ධිය සම්බන්‍ධයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන යහපාලන ආණ්ඩුවේ මහ ජාතික දේශපාලන නියෝජිතයන් නිහඞත්වය අනුගමනය කිරීම ජනතා නියෝජිතයන් වශයෙන් ඔවුන්ගේ අවංක භාවය කෙරෙහි ප්‍රශ්ණයක් මතුවන බවත්, දෙමළ හා මුස්ලිම් ජනතාව සියළු දෙනා සමඟ සාමකාමීව ජීවත්වීමට අපේක්‍ෂා කරන බවත්, තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා එම සමගිය කඩාකප්පල් කිරීමට කිහිප දෙනෙකු කුමන්ත්‍රණකාරි කටයුතු සිදුකරන බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

– Global Tamil News : Sinhala