පෙරියකල්ලාරු දේවස්ථාන භූමියේ දී තරුණයෙකු ඝාතනයට

මඩකළපුව – කලුවන්චික්කුඩි – පෙරියකල්ලාරු ප්‍රදේශයේ දේවස්ථාන භූමිය තුළ තරුණයෙකු ඝාතනය කර තිබේ. පෙරියකල්ලාරු පූජ්‍ය අරුලානන්දර් දේවස්ථානයේ ඊයේ (26) දින සවස 7ට පමණ පැවැති උත්සවයකදී දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව මෙලෙස එක් පුද්ගලයෙකු ඝාතනයට පත්වී ඇති බව කලුවාන්චික්කුඩි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ජේසුදාසන් තිමේසන් නැමැති තරුණයා මිය ගොස් ඇති අතර, සිද්ධියට සම්බන්‍ධ සැකකරු සහ ඔහුගේ පියා පොලිසියට භාරවී ඇති බවද පැවැසේ. සිද්ධිය සම්බන්‍ධයෙන් කලුවාන්චික්කුඩි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top