යාපනයේ මංකොල්ල කල්ලියට අයත් පුද්ගලයෙකු තියුණු ආයුධයක් සමග අත්අඩංගුවට

වට්ටුකෝට්ටයි, සංකානයි ප්‍රදේශවල මෑතකදී සිඳුවූ මංකොල්ල සිඳුවීම්වලට සම්බන්‍ධ පුද්ගලයෙකු තියුණු ආයුධයක්ද සමග අද බ්‍රහස්පතින්දා (28) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

වට්ටුකෝට්ටයි කල්ලි මාර්ගයේ දී මධ්යම රාත්රියේ කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි කල්ලියක් ලුහුබැද ගිය මාවඩි ප්‍රදේශයේ තරුණයක්, එම කල්ලියට අයත් පුද්ගලයෙකුව අල්ලාගෙන තිබේ. ඔහු සමග පැමිණි බව කියන තවත් 5 දෙනෙකු පලා ගොස් තිබේ.

මානිප්පායි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර, වට්ටුකොට්ටයි පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top