බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන 02 වනදා ජනපතිට

බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන ජනවාරි මස 02වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතව තිබේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොමිසම විසින් සිදුකරන ලද විමර්ශන 17කට අදාළ වාර්තා මෙහිදී භාරදීමට නියමිත බවයි.

ඊට අමතරව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවද එදිනට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.

බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කාලය පසුගිය නොවැම්බර් මස තුන්වන දිනෙන් අවසන් වූ අතර වාර්තාව සකස් කිරීම සඳහා මාසයක කාලයක් ලබාදෙනු ලැබීය.

මේ වනවිට කොමිසමේ සියලු වාර්තා සකස් කර අවසන් වී ඇති බව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කරයි.

කෙසේ නමුත් මීට පෙරද කොමිසම විසින් සිදුකරන ලද පරීක්ෂණ 17කට අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදී ඇතත් එම වාර්තාවලට සිදුව ඇත්තේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top