මහබැංකු බැඳුම්කර වංචාව ගැන ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත්විය යුතුයි – ගම්මන්පිල

Udaya Gammanpila ගම්මන්පිලමහබැංකු බැඳුම්කර වංචාවට අදාළව ජනාධිපතිවරයා‍ගේ ඇඟේද මඩ තැවරී ඇති බවත්,එකී මඩ සෝදාගැනීම සඳහා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත්විය යුතු බවත් පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා තිබේ.

බලවත් විරෝධයක් තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කමට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවත්, එතුමා බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේද ජනාධිපතිවරයා විසින් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර මහ බැංකු බැදුම්කර සිද්ධිය මගින් රටට විශාල මුදලක් පාඩු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි. පාදුක්ක ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top