SRILANKAN NEWS

ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදුන් GSP තීරු බදු සහනය 31 වනදාට අවසන් වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

මෙම වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර අමෙරිකානු කොංග්‍රසය GSP වැඩසටහන නැවත බලාත්මක නොකර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

GSP අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ, ශ්‍රී ලංකාව හා ප්‍රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි‍ 01 වන දා සිට අදාළ අපනයන සඳහා සාමාන්‍ය බදු පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බව පැවැසේ.

මෙරට ප්‍රමුඛතම භාණ්ඩ අපනයනය කරන රට අමෙරිකාව වන අතර 2016 වර්ෂයේදී අමෙරිකාව ඩොලර් බිලියන 2‍.8 ක වටිනාකමින් යුත් භාණ්ඩ මෙරටින් ආනයනය කර තිබේ.