SRILANKAN NEWS

මොරගහකන්දේ මංගල දියවර නිකුත් කිරීම ජනවාරි 08වනදා

මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිතුක් කිරීම ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිඳු කිරීමට නියමිත බව වාර්තාවේ.

ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි. රුපියල් කෝටි දහඅටදහස් එකසීයක පමණ වියදමින් ඉදිකර ඇති මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල හෙක්ටයාර් අසූ දෙදහසක වගා බිම් සඳහා යල මහ දෙකන්නයට දියවර නිකුත් කිරිම ආරම්භ කිරීම මෙහිදි සිදුකරනු ලබයි. ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශ රැසක ලොකු කුඩා වැවි 1200 ට ඇලහැර ව්‍යාපෘතිය හේතුවෙන් ජලය සැපයේ.

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසකි. එමගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225 කි.

මීට අමතරව මොරගහකනද්ද ජලාශය තුළින් මෙගා වොට් 25 විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක්කිරිමට ද නියමිතය. එමගින් ඉතිරිවන ඉන්ධන පිරිවැය ප්‍රමාණය රුපියල් මිලියන 336 කි.