අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පාකිස්තානයට චෝදනා

තම රට ලබා දුන් සහයෝගය වෙනුවෙන් පකිස්ථානය බොරුව හැර අන් කිසිවක් අමෙරිකාවට ලබා දී නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ. අමෙරිකා ජනාධිපතිවරයා මෙම වසරේ නිකුත් කළ සිය ප්‍රථම ට්විටර් පණිවුඩයෙන් මේ බව පවසා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසර 15 තුළ ඉතා අඥාන ලෙස පකිස්ථානයට ඩොලර් මිලියන 33ක ආධාර ලබා දී ඇති බවත්, අමෙරිකාවේ නායකයන් අඥානයන් ලෙස සළකා කටයුතු කරන පාකිස්තානය බොරුව හැර අන් කිසිඳු උපකාරයක් සිදුකර නොමැති බව ද ට්‍රම්ප් පවසා තිබේ.

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ට එරෙහිව අමෙරිකාව සටන් වදින අවස්ථාවක පකිස්ථානය සටන්කාමීන්ට රැකවරණය ලබා දෙන බව ද ට්‍රම්ප් චෝදනා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top