SRILANKAN NEWS

2016 අන්තර්ජාතික “බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛයා සම්මානය” ශ්‍රී ලංකාවට

460f087ed95a6be93f02873524f2a194_xlඇමරිකා එක්සත් ජනපදයේ බිම්බෝම්බ පිළිබඳ ව ක්‍රියාකාරී ආයතනයක් වන මාර්ෂල් ලිගර්සි ආයතනය (US-based Marshall Legacy Institute – MLI) විසින් වාර්ෂිකව සංවිධානය කරන මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ – 2016 (“Clearing the Path Ccelebration”) වසරේ හොඳම බිම් වෙඩි හඳුනාගැනීමේ කාණ්ඩායම ලෙස “බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛයා සම්මානය” (MLI’s ‘Team of the Year – 2016’) මෙවර ශ්‍රී ලංකාවට හිමි ව ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ “ඇල්වින්” (Alvin) නම් බෝම්බ හඳුනාගැනීමේ සුනඛයා (Sri Lanka Army’s Mine Detection Dog – MDD) සහ අල්වින්ගේ හසුරුවන්නා වන ලාන්ස් කෝප්‍රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න වෙත මෙම සම්මානය ප්‍රදානය කොට තිබීම විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala