පොහොට්ටුව නියෝජනය කළ තවත් කිහිප දෙනෙකු ජනපතිට සහාය පළ කිරීමට එක්වෙයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළකිරීමට එක්විය.

එමෙන්ම වයඹ පළාත් සභා හිටපු මන්තී‍්‍රවරයෙකු හා පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන අයි.එම්. ජයතිලක ඉලංගකෝන් මහතා ද ජනාධිපතිතුමාට සහය පළ කරමින් ජනපති හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ඔවුහු ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළකිරීමට එක්වන බව පවසා සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top