හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

නාවල කන්දවත්ත පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් සිව් දෙනෙකු නාරහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවල කන්දවත්ත පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 640 ක් ළඟ තබාගත් කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ දීම හෙරොයින් ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 600 ක් සමග තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ත්‍රී රෝද රථයක් නතරකර පරීක්ෂා කිරීමේදී ද හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 600 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top