රාජපක්ෂලාගෙ ඩුබායි ගිණුම්වල තොරතුරු ඉදිරියේ දී හෙළිදරව් කරනවා – රාජිත

රාජපක්‍ෂ පවුලට සම්බන්ධ ඩුබායි ගිණුම්වල තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය. වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය කාලය පුරා විදේශගතව එම තොරතුරු සොයාගෙන තිබෙන බවත්, ඉදිරි කාලය තුළදී සියලු කරුණු හෙළිදරව් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් නාමල් රාජපක්‍ෂ මහතාට හීනෙන් පවා මෙම ගිණුම්වල තොරතුරු පෙනී ඇති බවත්, රාජපක්‍ෂ පවුලේ කවුරුන් නීතියේ රැහැනට හසුවේ දැයි ඔවුන් බියවී සිටින බවත් සේනාරත්න මහතා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top