SRILANKAN NEWS

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජ.වි.පෙ. හදිසි පාර්ලිමෙන්තු විවාදයක් ඉල්ලයි..

මහබැංකුවේ සිදුවු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වු විමර්ශණ වාර්තාව සම්බන්ධයෙන් හදිසි පාර්ලීමේන්තු විවාදයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායක කරූ ජයසුරිය මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තෙ ජනවාරී 23වන දින වන අතර ඊට ප්‍රථම මෙය විශේ්ෂ කරුණක්සේ සලකා විවාදයක් ලබාදෙන ලෙස ජවිපෙ මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත.

පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වේ.