මොරගහකන්ද ජලාශයේ මංගල දියවර මුදා හැරීම අද ජනපති ප්‍රධානත්වයෙන් සිඳු කෙරේ..

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම අද (08)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වැය කොට ඇත. ඉහළ ඇළහැර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක්, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වැය කොට ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු 2007 වසරේ ජනවාරි 25දා ආරම්භ කොට ඇති අතර ජලය ගබඩා කිරීමේ කටයුතු 2017.01.11වන දින ආරම්භ විය.

මෙගා වොට් 25ක විදුලි බලයන් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන මෙම ව්‍යාපෘතිය හා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක් ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එක්කෙරෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top