බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙලක් අද (08) පෙරවරුවේ ගාලූමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පළමුව බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top