යාපනයේ තවත් සිසුවකුගේ ජීවිතයක් බිලිගත් සරුංගලය

විදුලි බැල්බ දල්වා සරුංගලයක් යැවීමට තැත් කළ සිසුවෙකු විදුලි සැර වැදී මියගොස් තිබේ. පුත්තූර් අරසඩි ප්‍රදේශයේ දී ඊයේ ඉරිදා දින සවස මෙම අනතුර සිඳුව ඇති අතර, සිද්ධියෙන් එම ප්‍රදේශයේ විසූ බාස්කරන් දර්සන් (වයස 19) නැමැති සිසුවා මියගොස් තිබේ.

සරුංගලය යැවීමේ දී විදුලි බැල්බයක් ද දල්වා එය යැවීමට උත්සහ කර තිබේ. එහිදී සරුංගලය විදුලි කණුවක ගැටීමෙන් අධි බලැති විදුලි රැහන් මගින් සරුංගලයෙහි සම්බන්‍ධ කර තිබූ වයරයෙන් විදුලි සැර වැදී ඇති බව වාර්තාවේ.

අනතුරුව අසල සිටි ප්‍රදේශවාසීන් සිසුවා මුදාගෙන යාපනය රෝහලට ඇතුලත් කළ ද ඔහුව බේරා ගැනීමට නොහැකිවී තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර, පසුගිය සෙනසුරාදා දින දෙමව්පියන් නිවසේ නොසිටි අවස්ථාවක සරුංගල් යැවීමට ගිය 11 හැවිරිදි සිසුවෙකු ළිඳකට වැටී මියගොස් තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top