ගාල්ල අකුරැස්ස ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් සිසුවියක් මරුට

ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (8) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දැරියකු ජීවිතක්‍ෂයට පත්වූ බව හබරාදුව පොලිසිය පවසයි.

තම සහෝදරයා සමඟ යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගිය ලොරි රථයක හැපීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, සිදධියෙන් 11 හැවිරිදි හර්ෂනි මධුෂානී නැමැති සිසුවිය මියගොස් තිබේ. යතුරුපැදිය ධාවනය කළ ඇගේ සහෝදරයා ද තුවාල ලැබ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top