දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.
රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප්රශ්නය විසදා එම ජනතාවගේ වසර ගණනාවක කදුථ කථාව නිමා කෙරෙන මොරගහහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.
ජාතික ආර්ථිකයේ නව යුගයක් උදාකරමින් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කෙරුණේ, 60 දශකයේ අග භාගයේදීයි. මහවැලි මහ සැලැස්මේ පළමු ව්‍යාපාරය ලෙස ආරම්භ කෙරුණු පොල්ගොල්ල, බෝවතැන්න හැරවුමේ ඉදිකිරීම් කටයුතු එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1970 වසරේ පෙබවාරි මස 28 වන දින ආරම්භ කළ අතර, බෝවතැන්න හැරවුම 1976 වසරේ ජනවාරි 8 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අතින් විවෘත කෙරිණ.
මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් අක්කර ලක්ෂ 3ක් අලූතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.
මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අළුතින් දියවර සැපයෙයි.
මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වෙල්ලක් මෙන්ම පස්වලින් සෑදු යන වේල්ලක් යන වෙලී තුනකින් යුත් එකම ජලාශය ද මොරගහකන්ද ජලාශයවීම විශේෂත්වයකි.
මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2007 වසරේ ඇරඹුණ ද නිසි රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීම හේතුවෙන් එහි කටයුතු ප්‍රමාද විය. 2015 ජනවාරි 08 වනදින රාජ්‍ය නායකත්වයට පත් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික කැපවීම සහ උනන්දුව මත ව්‍යාපෘතිය කඩිනම් කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජලාශයේ වාන් දොරටු විවෘත කරමින් රන් දියවර මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලි බලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.
මහවැලි පංච මහා ජලාශයට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත්කිරීමත් සමග මීට දශක 4 කට පෙර ජනවාරි 8 වන දා පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්තිය සනිටුහන් කෙරෙනු ඇති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින් සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Add Comment