ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. දීර්ඝකාලීන සැලසුමක් මත මෙම පත්කිරීම් සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී නව නායකයා පත්කිරීම පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වුණි. මෙම අවස්ථාවට තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රොයි හා පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් ද සහභාගිවූහ.