විදෙස් ගත වීම සඳහා අවසර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීම ලබන 9 වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කර තිබේ.
නොවැම්බර 21 වැනිදා සිට 24 වැනිදා දක්වා ඉන්දියාවේ මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට සහ ලබන දෙසැම්බර 9 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයේ සම්මේලනයකට සහභාගී වීමට විදෙස් ගත වීම සඳහා අවසර ලබාදෙන ලෙස ගම්මන්පිල මහතා ඉල්ලා තිබේ.
ඕස්ට්‍රේලියා ජාතිකයකුට රුපියල් කෝටි 11ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ගම්මන්පිල මහතාගේ විදෙස් ගමන් අධිකරණයේ විසින් තහනම් කර තිබීම විශේෂත්වයකි.
– Global Tamil News : Sinhala
Add Comment